Friday, November 15, 2013

Chorme Developer Tools සිංහලෙන්


කොහොමද යාලුවනේ..බ්ලොග් එක පටන් අරන් ගොඩක් කල් ගියා. post තුනකින් ඒක නැවතුන එක ගැන හරිම කනගාටුයි. :-( ඒත් ආයෙ එහෙම කරන්නෙ නෑ කියල පොරොන්දුවකුත් එක්ක ආපහු පටන් ගන්නයි යන්නෙ. නවත්තපු post එකෙන්ම පටන් ගත්තොත් එපා වේවිද දන්නෙ නෑනෙ, ඒක නිසා අලුත් පැත්තකට යන්න හිතුවා. නවත්තපු ටිකත් අපහු ලියනවා අනිවා ;-).

වැඩි කතා ඕනේ නෑ, අලුත් මාතෘකාව විදියට තෝර ගත්තෙ chrome developer tools, වෙබ් පැත්තෙ වැඩ කරන අය බොහෝ දෙනෙක් මේ ගැන දන්නවා. නොදන්න අයට දැන ගන්නයි දන්න කට්ටියට තවත් හොදට දැන ගන්නයි පොඩ් tutorial එකක් හදන්න හිතුනා. මේ ගැන ගොඩක් දේවල් තියනවා ඔක්කොම එක video එකකින් නම් කියන්න බැරි වේවි. ඒක නිසා 2ක් 3ක් කරන්න වේවි සමහර විට, බලලා දැනගන්න දෙයක් හරි, කියන්න දෙයක් හරි තියෙනවා නම් comment එකක් දාන්න.



Google Chrome web browser එකේ වගේ අනිත් ජනප්‍රිය බොහොමයක් web browsers වල developer tools වගේ පහසුකම් තියෙනවා. කට්ටිය පුදුම වෙයි අලුත් IE වලත් එකක් තියෙනවා. සැක නම් F12 ඔබලා බලන්නකෝ ;-). ගොඩක් browsers වල shortcut key එක F12 හෝ ctrl + shift + I. Opera අලුත් version වල තියෙන tool එක සෑම අතින්ම වගේ chrome developer tools වලට සමානයි. firefox වලත් මේ වගේ tool එකක් තියෙනවා. firefox වලට නම් firebug කියල extension එකක් තියනවා ගොඩක් ප්‍රසිද්ධ, මේ ඔක්කොම පාවිච්චි කරල බලල තමන්ට සුදුසු එකක් තෝර ගත්තොත් ඔයාලගෙ web developing වැඩ ගොඩක් ලෙසි වේවි. මම නම් තෝර ගත්තෙ chorme developer tools :-D ඔයාලටත් එකක් තෝරගන්න මේ post එක උදව් වේවි කියලා හිතනවා.


1 comments :

Anonymous said...

niyamyi. digatama liyapan